කවුරුත් වැඩිය නොදන්න කොළඹ මැද තියෙන දියසරු උයන තෙත්බිම් උද්‍යානය
Thalawathugoda, Sri Lanka |🇱🇰
සතිය පුරාවට වැඩකරලා මානසික ආතතිය මගහරවා ගන්න පොඩි නිවාඩුවක් දාලා ආවා කොළඹ පොඩි රවුමක් දාන්න. සංකීර්ණ කොළඹ නගරයේ වාහන හෝන් සද්දෙ මැද මොන නිදහසක්ද කියල දැන් ඔබට හිතෙන්න පුළුවන්. ඇත්තටම ඔව් ඉස්සර නම් එහෙම තැන් නෑ .ඒත් දැන් කොළඹ අවට එහෙම තැන් කිහිපයක් තියනවා.

මේ උද්යානය පිහිටලා තියෙන්නේ හරියටම කිව්වොත් අගනුවර පාර්ලීමේත්තුව ඉදිරිපිට.අක්කර 60ක භූමි ප්රමාණයක පැතිරිලා තියන දියසරු උද්යානය විවෘත වුණේ දැනට අවුරුදකට කලින්. උද්යානය තුලට යන්න කලින් මෙහි ආරම්භය ගැන කියන්නම්.
1981 මේ උද්යානය තිබෙන ප්රදේශය කුඹුරු වෙල් යායක් ඒ.කාලේරදේශය යොදාගෙන තියෙන්නේ දියවන්නාව හෑරීමේදී ඉවතලන පස් ගොඩ කිරීමට.පසුව මහ වැහි වලට ගොදුරු වෙච්ච මේ.මුඩු බිම කාලයත් සමග වගුරු බිමක් බවට පත්වෙලා. ඒ විතරක් නොවෙයි කොළඹ ගංවතුර පාලන ප්රදේශය වෙලා තියෙන්නෙත් මේ භූමිය කාලයත් එක්ක කොළඹ සංවර්ධන වෙනකොට ගම්බිම් වල හිටපු සත්තු මේ භූමිය තමන් ගේ වාසස්ථාන බවට පත් වෙලා.
ගමේ මිනිස්සු කෘෂිකර්මාන්තයේ යෙදුන මේ බිම දියවන්නාවේ පාර්ලීමේත්තුව ඉදිකිරීමේ ආරම්භයත් සමග රජයට පවරාගෙන තිබෙනවා.ඊට පස්සේ මේ 2010 ලංකාවට සිදු වුණ ගංවතුර බලපෑමත් එක්ක ලැබිච්ච ප්රතිපාදන වලින් වගුරු බිම් සංවර්ධන සඳහා රජය කටයුතු කරන වෙලාවේ මේ භූමියෙත් ඇල මාර්ග හදලා සංවර්ධන සිද්ධ වෙලා අද වෙනකොට උද්යානයක් බවට පත්වෙලා තියනවා.
උද්යානයනයට ඇතුළු වෙනකොට මෙහි නඩත්තු කටයුතු සඳාහා පුංචි ටිකට් එකක් ගන්න සිද්ධ වෙනවා මෙය නැරඹීමට එන අයගේ වාහන නතර කිරීම සඳාහා ඉදිකර ඇති අපූරු අංගනය අසල තමයි ටිකට් කවුන්ටර් එක තියෙන්නේ ඒ අඩලම එන අයට ගිමන් නිවාගන්න අපූරු හටි එකකුත් සනීපාරක්ෂක කටයුතු සදාහා ස්ථානයකුත් උද්යානය ඉදිරිපිට තියනවා.
ස්භාවික වැල් වලින් සැදූ උමගක් මැදින් උද්යානයට ඇතුළු වෙන පාර නිර්මාණය කරලා තියනවා ඒ වගේම වගුරු බිමකින් කෙරෙන කාර්යභාරය ගැන සහ උද්යානයේ නැරඹීමට ඇති දේ ගැන තැන පුවරු සවිකර තියෙනවා.ඒ නිසා මෙහි ඇවිදින්න මාර්ගෝපදේශකයෙක් අවශ්ය වෙන්නෙ නෑ.
ස්භාවික වැල් වලින් සැදූ උමගක් මැදින් උද්යානයට ඇතුළු වෙන පාර නිර්මාණය කරලා තියනවා ඒ වගේම වගුරු බිමකින් කෙරෙන කාර්යභාරය ගැන සහ උද්යානයේ නැරඹීමට ඇති දේ ගැන තැන පුවරු සවිකර තියෙනවා.ඒ නිසා මෙහි ඇවිදින්න මාර්ගෝපදේශකයෙක් අවශ්ය වෙන්නෙ නෑ.


0 Comments